Posts

අර්චුනා නිදිනෑ හෙවත් ඉරිද පොළේ කතාව

Image
 අර්චුනා නිදිනෑ හෙවත් ඉරිද පොළේ කතාව ========== ඉස්සර ඉරිද පොළ තිබ්බෙ ගෙදරට ගොඩාක් ඈතින් . ඒ උනාට දැන් සමාජෙ දියුණුවත් එක්ක ඉරිද පොළ ගේ ඇතුළටම ඇවිත්. මන් නම් කියන්නෙ ඉරිද පොළක් නැතිව කැලේට ගිය පෞල් වලට ඉරිද පොළක් දීලා ඔවුන්ගෙ පුද්ගලික සෞඛ්‍ය නංවන එකත් රටක දියුණුවට හේතු වෙනවා. ඔය ඉරිදා පොළ ගැන නම් කතා එමටයි. ඉස්සරම අපේ ගෙදරත් ඉරිද පොළ තිබ්බෙ ගෙදරින් දුර. වතුර බාස්කට් එකක් අරන් යන්න  ඕන  ලිදෙන්. හදිසි වෙලාවක වතුර නැතිව ඉරිද පොළට ගියොත් වැඩේ කරල ඉවරෙලා ගෙදරටම ඇහෙන්න බෙරිහන් දෙන්න ඕන වතුර එකක් ගෙනල්ලා දීපල්ල කියල.  අනික තමා ඉරිදා පොළේ හිටපු සත්තු .......... ගෙදරින් දුර තිබ්බ , මැටි ගහපු බිත්ති , පොල් අතු හෝ ටකරන් වහල එක්ක උස්සල හේත්තු කරන දොරක් එක්ක හදපු ඒ ඉරිදා පොළ අයිතිකරන් හිටපු සමහර සත්තු ඒ ඉරිද පොළ කඩල දැම්මට පස්සෙ අද වෙනකම් ආයෙ දකින්න ලැබිලා නෑ. එක එක ජාතියේ තඩි කබර හූනෝ එයින් ප්‍රධානයි. මකුළුවො හිටියොත් නම් ඌ නොපෙනෙන්න යනකම් එතනම ගියත් ඉරිද පොළ ඇතුළට නම් යන්නෑ. ඒ සමහර තඩි හූනෝ ඉරිද පොළත් එක්කම අභාවයට යන්න ඇති.අනික තමයි ගෙදර ඉදන් කොච්චරක් නම් දුරින් තිබ්බත් උස්සල අ...